“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස

Local

සංවර්ධනය තුළින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිළිවෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිළිගැනීම සඳහා අද (12)  සංවිධානය කර තිබු විශේෂ උත්සවය අමතමින් පැවසීය.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ තරුණ ජවය මුල් කර ගත් නවීන ආර්ථික ක්‍රමයක් රට තුල බිහි කිරීමට ඉදිරියේදි කටයුතු කරන බවයි.

ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩ පිලිවෙළක්ද ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ත්‍රස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ඔවුන් සියල්ල විනාශ කරන බවත් පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය ඇති කරන ප්‍රධාන ක්‍රියාකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවයි.

කිසිදු අවස්ථාවකදී මාතෘ භූමිය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශප්‍රේමීන් අති කරමින් රට ගොඩ නගන්නට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි අවධානය කළේය.

යම්කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිතකර ආරක්ෂක ,වෙළඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරන බවටද ඔහු පොරොන්දු විය.

රට සංවර්ධන කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

දසරාජ ධර්ම කෙන්ද්‍රකර ගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවත් මනුෂ්‍යත්වට මුල් තැන දෙමින් කටයුතු කරනපැවසූ බවත් අමාත්‍යවරයා, තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පුජා කළ සේම තමන්ද ජනතාවට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරීමට සුදානම් බවත් ඔහු පැවසීය.

ජනතාවගේ සහයෝගයෙන් එළඹෙන නොවැම්බර් මාසයේදි තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

Related Articles

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්‍රතිචාරයක්-කාදිනල්
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වයට නාම යෝජනා 05ක්...

READ MORE:  "සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට" - රවී කරුණානායක