විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දැක්වූහ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය නායකවරයා පැවසුවේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි.
එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවත් මෙවැනි යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිදු කිරීමට අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ ය.
Related Articles
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
සිරකරුවන් හතරකට මරණ දඬුවම දෙන්න ජනපති අත්සන් තබයි
සමාව ගන්න මම වරදක් කරලා නෑ - රංජන් රාමනායක
පුපුරණ ද්රව්ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
පාස්කු ඉරිදා ප්රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ
