ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ – ශෙහාන් සේමසිංහ

Local

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා කිසිදු එකඟතාවකට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා මූලික එකඟතාවකට එළැඹුණු බව ය.

මහින්ද අමරවීර මහතා සිදු කළ එම ප්‍රකාශය ඉදිරියේදී ඔහු විසින් නිවැරදි කරනු ඇති බවට ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීමට තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගැනීමට නම් ඔවුන් සමග සන්ධානගත වීමට බලාපොරොත්තු නොවන බවට ඔහු අවධාරණය කළේ ය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයට පොදුජන පෙරමුණ එකඟ නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


READ MORE:  'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්නේ නැහැ - වාසුදේව නානායක්කාර