ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි

Local

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වි ඇති බව ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේය.

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකුයි මෙසේ නාය ගොස් ඇති බව වාර්තා වෙයි.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

දෙමහල් ගොඩනැඟිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක්, අවහන්හල් දෙකක්, සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බව පොලිසිය සඳහන් කරයි.

විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා මෙසේ අතුරුදහන් වි ඇති බව පොලිසිය පවසන්නේ.

නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්තා කිහිපයකදි  දැනුම් දි තිබුණි.

අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති අතර තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවති.

-Adaderana


READ MORE:  ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක