එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි – සජිත් ප්‍රේමදාස

Local

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවන්නේ නම් එම සන්ධානය පිහිටුවිය යුත්තේ ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ කළ හොත් පමණක් යෝජිත සන්ධානය වටා බොහෝ පිරිස් එකතු වී එය ජයග්‍රාහී සන්ධානයක් වනු ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය කඩිනමින් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා සහ තමන් එකඟතාවකට එළැඹ ඇතැයි ඇතැම් මාධ්‍ය පළ කර තිබෙන වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද එකඟතාවකට එළැඹ ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාව ඇති වී තිබෙන බව ය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සිය තීරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අත්සන් කළ ලේඛනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට ද නියමිතව තිබේ.

Related Articles

පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරව‍නීය තීන්දුවක් ගන්නවා - ජනපති
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති

READ MORE:  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට