රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

Local

තමන් බලයේ සිටින තාක් රටට හානි දායක වන ආකාරෙයේ කිසිදු විදේශීය එකඟතාවයකට එළඹීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන හා එක්වෙමිනි.

මේ දිනවල බොහෝ දෙනා අතර රටට අහිතකර සෝෆා, මිලේනියම් චැලේන්ජ්, ආදී ගිවිසුම් පිළිබඳව කතා බහට ලක්වන බවත් කෙසේ නමුත් රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඇතැම් විදේශ බලවේග ලංකාව සිය කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට උත්සාහ කරන බවත් නමුත් කුමන බලවතෙකුය වුවද රට තුළට විත් රටට අභියෝගයක් වන ආකාරයෙන් බලපෑම් ඇති කිරීමට, රටේ ස්වාධීනත්වය නැති කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

English Translation

President Maithripala Sirisena says that he will never allow any agreements with foreign nations that would harm the country to be signed while he is still in office.

The President made these comments during the concluding programme of the “Let’s Stand Together for the Country” (Rata  Wenuwen Ekata Sitimu) Monaragala District Programme at Bibila Public Ground today (6th July 2019).


READ MORE:  ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ