නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට

Local

Ambassador Joanne Doorneward, Embassy of the Kingdom of Netherlands
Ambassador Joanne Doorneward, Embassy of the Kingdom of Netherlands

නෙදර්ලන්ත තානාපතිනිය(Joanne Doorneward) පසුගිය සිකුරාදා (05) සන්ධ්‍යාවේ ටොරින්ටන් නිල නිවසේ සිට කොළඹ නගර සභාවට බයිසිකලය පැද්දාය.

සාමාන්‍ය තානාපති සම්ප්‍රදාය අනුව තානාපති සේවය හෙවත් විදේශ රාජ්‍ය දූතයන් යනෙන විට තම රටේ ධජය එම වාහනයේ සවිකොටගෙන යා යුතුය. එසේම විදේශ රාජ්‍ය දූත සේවය හඟවන DPL ලකුණ තම නිල රථයේ පසුපස අලවාගෙන මාවතට අවතීර්ණ වීම සිරිතය. ඒ එම ලකුණු දෙක හඳුනා ගැනීමෙන් ආරක්ෂක අංශද එබඳු විදේශ දූත සේවා නිලධාරින්ට යම් ප්‍රමුඛතාවක් ලබා දෙන නිසාවෙනි.

එහෙත් සිකුරාදා කොළඹ නගර සභාවට බයිසිකලයෙන් ආ තානාපතිනි Joanne Doorneward මහත්මියගේ බයිසිකලය දෙපස ඒ ලකුණු දෙකම නොතිබුණි. ඇය කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මුණගැහෙන්නට ආවේ සාමාන්‍ය ගැහැනියක පරිද්දෙනි. එහෙත් ඒ ඇය ආවේ තරම වෙනස් ආකරයේ යෝජනාවක් සමගිනි.

Ambassador Joanne Doorneward, and Rosy Senanayake
Ambassador Joanne Doorneward, and Rosy Senanayake

ඒ කොළඹ නගර සභාවත්, ඒ අවට මාවත් වූ ලිබර්ටි වරටවුම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මාවත, නිදහස් මාවත යන මාවත් මෝටර් වාහනවලින් තොර කලාපයක් බවට පත් කර ඒවායේ පාපැදි ආදී වාහනවලින් ගමනාගමනයට ඉඩ සලසා දීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

කොළඹ පුරපතිනිය රෝසී සේනානයක මහතිමිය සමග එම වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළ ඈ ආරම්භයේදී මේ මස 14 වැනි ඉරිදා ඉහත කී මාවත් මෝටර් වාහනවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනකට පදනම දමා ගත්තාය.

මෝටර් වාහනවලින් තොර එම කලාපයේ ඉරිදාට නිකන්ම පාපැදි පැදීමෙන් ඇති ඵල ප්‍රයෝජනයක් වේද? එහෙත් එම මාවත් දෙපස විශ්ව විද්‍යාල සිසුන්ගේද පාසල් සිසුන්ගේද නිර්මාණ හා චිත්‍ර මිලට ගැනීමටද, නැරඹීමටද ඉඩ සලසා දෙනු ඇත. එසේම ප්ලාස්ටික්වලින් තොර, වස විසෙන් තොර ආහාරවලින් යුතු කලාපයක් බවට පත් කිරීමද පුරපතිනියගේත් තානාපතිනියගේත් අදහසය.

‘‘අපේ ඕලන්ද ජනතාව හොඳට දන්නවා පාපැදි ආදී වාහන භාවිතයෙන් නගරයකට සැලසෙන සේවය. අපේ ජාතික දත්ත අනුව පාපැදි භාවිතය නිසා මාර්ග අනතුරු අපේ රටේ අවමයි. අපට නිදහසේ හොඳ වාතාශ්‍රය උරා ගන්න පුළුවන්. අපිට අනාගතයේ වාහන දුමෙන්, ශබ්දයෙන් තොරව කොළඹ නගරයේ ලස්සන දකින්න පුළුවන්.

READ MORE:  ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදාස

නෙදර්ලන්ත තානාපතිනියගේ අදහස තම රටේ තිබෙන මේ ජීවන චර්යාවන් අපටද පුරුදු කිරීමය. ඕලන්දයෙන් අප ගත් දෑ බොහෝය. තවමත් නගරයට කෞතුක වටිනාකමක් එක් කරන්නේ එදා ඕලන්දයින් කොළඹ තැනූ ගොඩනැගිලිවලිනි.

මේ සාකච්ඡාව අවසානයේ තානාපතිනිය යළි තම නිල නිවසට ගියේද පාපැදියෙනි. 


The Colombo Municipal Council is partnering with the Embassy of the Kingdom of the Netherlands in Sri Lanka to pilot Colombo’s first car-free day.

‘CarFreeCMB’ will take place on Sunday, July 14 from 6 am to 12 noon. The public is invited to join in by foot, bicycle, skateboard – or by any other means which is not motored, organisers said in a statement. The initiative aims to reduce the public’s dependence on motor vehicles while promoting a healthier lifestyle.

Colombo city will open the following streets exclusively to pedestrians and cyclists to facilitate this experience.

Accordingly, the roads will include Green Path up to the Public Library roundabout, part of the Dr. C.W.W. Kannangara Mawatha, Stanley Wijesundera Mawatha, and Bauddhaloka Mawatha. However, arrangements will be made for bus routes to function as usual.

“Us Dutch  are very well known for embracing cycling as the preferred method of transport in our cities and we are seeing the results in our national figures for health and contentment and in reduced rates for road accidents as well,” Netherlands Ambassador to Sri Lanka, Joanne  Doornewaard, was quoted as saying in a statement issued by the organisers.

“They can enjoy clean air and we’ll have many fun activities and no plastic on this day. I’m really looking forward to enjoying the beauty of these areas in Colombo, car-free, “ Ms. Doornewaard said in the statement.

READ MORE:  මං වගේ පොඩි කෙල්ලෙකුට ජනාධිපති බය වෙලා.. - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

-Sundaytimes