අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

Local

United States Embassy Colombo
United States Embassy Colombo

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු පවසා තිබේ.

ඒ, අදාළ ගිවිසුම පිළිබඳව ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඩේලි මිරර් අද වාර්තා කළ ආකාරයට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා ලැබිය හැකි ප්‍රතිවිපාක යනුවෙන් පෙන්වා දී ඇත්තේ, එම්.සී.සී. හරහා ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය නොලැබී යාම හෝ තාවකාලිකව අත්හිටුවීම ය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම හරහා ඉඩම් අයිතීන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හා පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ ඉඩම්වල කුලී ලබා ගෙන රජයේ ආදායම් ඉහළ දමා ගැනීමට හැකියාව පවතින බව ද තානාපති කාර්යාල නිලධාරියා පුවත්පතට පවසා තිබේ.

අදාළ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස අමෙරිකානු තානාපති නිලධාරියා පවසා ඇත්තේ, මේ හරහා අමෙරිකාව ඉඩම් අයිති කර ගැනීමක් සිදු නොකරන බව ය.

ශ්‍රී ලංකා රජයට ඉඩම් පිළිබඳව සොයා බැලීමේ හා පාලනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු ඩේලි මිරර් පුවත්පත සමග වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. යනු ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් බව ය.

ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු දැනට ප්‍රචාරය වෙමින් පවතින බවත් තානාපති කාර්යාල ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

Related Articles

මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී

READ MORE:  ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්