සමාව ගන්න මම වරදක් කරලා නෑ – රංජන් රාමනායක

Local

Ranjan Ramanayake

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය නාලිකාවකට (YouTUbe) කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද(17) අග්‍රාමාත්‍යවරයා හමු වී කරුණු පැහැදිලි කළේය.

ඒ රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති බවට පලවූ වාර්තා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබීම හේතුවෙනි.

අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කර සිටියේ තමා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන් සමාව ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවය.


READ MORE:  පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය