පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්

Local

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ යළි රට තුළ අවදානමක් මතුව තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ පුද්ගලයින් ඉතා ඉක්මනින් නිදහස් කර ඇති බව ය.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමකට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මගින් ඔවුන්ගෙන් පාපොච්ඡාරණයක් කර ගැනීමට හැකිව තිබූ බව උන්වහනසේ පෙන්වා දෙයි.

එමෙන්ම ජාතිවාදය ඇවිස්සේ යැයි පවසමින් ත්‍රස්තවාදී ක්‍රියාවන් වසන් කිරීමේ උත්සහයක් ඇති බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ ය.

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යට ගැසීමට කටයුතු කරමින් තිබේ.

අදාළ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යට ගැසීමට කටයුතු කරනවා නම් ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට කටයුතු කරන බව රතන හිමියන් අවධාරණය කරයි.

Related Articles

පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්...
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරාජයට
මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර

READ MORE:  ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...