කුමාර වෙල්ගමට බදුල්ලේ පොහොට්ටු නායකත්වය අහිමි වෙයි

Local

Kumara Welgama
Kumara Welgama
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක කුමාර වෙල්ගම එම ධූරයෙන් ඉවතට.
  • මන්ත්‍රී තේනුක විදානගමගේ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකයා ලෙස පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක කුමාර වෙල්ගම එම ධූරයෙන් ඉවත් කිරීමට ඊයේ (29) රැස්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බදුල්ල පුරහලේ පැවති කමිටු රැස්වීමේදී ඔහු එම ධූරයෙන් ඉවත් කර එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකයා ලෙස පත්කර ඇති බව වාර්තාවේ.

ඒ සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ඇත. එම රැස්වීමට සහභාගි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් කියා සිටියේ වෙල්ගම මහතා කුමන අදහසක් දැරුවද තමන් සියලු දෙනාගේ අදහස වන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කළේ තමන් කිසි දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නොසිටි බවයි. එසේම තමන්ට එවැනි පත්වීමක් ලබා දී නොතිබුන බවද ඒ මහතා පැවසීය.


READ MORE:  පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ