තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර

Local

Katuwapitiya church
Katuwapitiya church

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙයි.

කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි.

දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්මකව මිය ගිය පිරිස වෙනුවෙන් දේව දූතයන් 114ක් පිරිවරාගෙන කාදිනල් තුමන් ප්‍රමුඛ කොටගෙන දේවස්ථානයට ඇතුළු වන බවත් පසුව නැවත දේවස්ථානය දෙවියන් වෙනුවෙන් කැප කිරීමක් සිදු කරන බව කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා සඳහන් කළේය.

පසුව සිහිවටනය විවෘත කරන බවත් රජයේ අනුග්‍රහය ඇතිව නිවාස ඉදි කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ඇති බව පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

Katuwapitiya Church Re-opens

A repaired and a new look, St. Sebastian’s Church, Katuwapitiya, Negombo, that was damaged in the Easter Sunday bombing, reopens today, July 21, for religious activities.

The reopening coincides with the third month since the deadly suicide bombings. The repair work was carried out by the Army. The church will be handed over to the Archbishop Malcom Cardinal Ranjith, who will host a special mass at 8 a.m. Following the mass and religious observances, the foundation stone for a new Sunday school will be laid. A blueprint will also be announced for the homeless in the Katuwapitiya area. 


READ MORE:  සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්