කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේදී ය.
ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව කුරුණෑගල මහාධිකරණයේ සැකකරුට එරෙහිව මේ වන විට නඩුවක් විභාග වේ.
එහෙත් පසුගිය නඩු වාර්යේදී ඔහු අධිකරණයේ පෙනී නොසිට විදේශගත වී තිබේ.
එම අවස්ථාවේදී විනිසුරුවරිය ඔහුට වරෙන්තු නිකුත් කළ අතර ඒ අනුව ඔහු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
Related Articles
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්
පාස්කු ඉරිදා ප්රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්රසාදයක් පළ වෙනවා - අස්ගිර...
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
ශ්රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්යන්තරයට පිළිතුරු
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
