මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද වරෙන්තු නිකුත් කරනු ලැබී ය.
නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.
මෙම නඩුවේ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා වෙත යැවීම සඳහා අවශ්‍ය සිතාසි වාර්තා සකස් කොට ලබන දෙසැම්බර් 4 වන දා අධිකරණයට භාර දෙන ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කළ විනිසුරු මඩුල්ල පළමු විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන්ගේ වරෙන්තු වාර්තා ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.
Related Articles
අපිට ඕනේ ගෝඨාභයට වඩා බලයේ ඉන්න අයගේ ප්රතිචාරයක්-කාදිනල්
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති හෙට CIDයට කැඳවයි
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණය හමුවට
"ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න..." - ෆීල්ඩ් මාෂල්
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
