වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Local

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල බරපතලකම සහ ඔහුට ඇප ලබා දුන්නොත් ඇති විය හැකි මහජන කැළඹීම් කෙරෙහි අවධානය යොමු කර තම අධිකරණය මෙම නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.

සැකකරුට අයත් සියලුම දේපළ රජයේ තක්සේරුකරු ලවා තක්සේරු කර වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය.

වෛද්‍ය සෆි විසින් සිදු කරන ලද සැත්කම්වලදී පැලෝපීය නාළවලට හානි සිදු වී ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා මව්වරුන් 147 දෙනෙකුට සිදු කිරීමට නියමිතව ඇති එච්.එස්.ඩී. පරික්ෂණය තාවකාලිකව යළි අත්හිටුවීම ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එම පරීක්ෂණ සිදු කළ හැකි නිවැරදි ක්‍රමවේදය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින් විශේෂ වාර්තාවක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාට නියෝග කළේ ය.

සැකකරුට එරෙහිව ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ රැඳවුම් නියෝග අවලංගු කළ බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

Related Articles

විධායකය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් ඇතුළු පිරිසක් විරුද්ධ වෙයි
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා භාරයට
ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි
ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි - ජලනි පේ‍්‍රමදා...
ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ

READ MORE:  අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්