සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්

Local

ත‍්‍රිකුණාමලය ගාන්ධි වටරවුමේ සිදු වූ සිසු ඝාතනයට අදාළ නඩුවේ චෝදනාවලින් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 13 දෙනා අද නිදහස් කෙරිණි.

ඒ, වසර 06ක් පුරා ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වු නඩුව අවසන් කරමිනි.

2006 වසරේ ජනවාරි 02 වන දා ත‍්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් මුහුදු වෙරළ පාරේ පිහිටි ගාන්ධි වටරවුමේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබිණි.

සිද්ධියට අදාළව 2006 පෙබරවාරි 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ය.

පසුව රඳවා ගැනීමේ නියෝග මත මාස 02ක කාලයක් අත්අඩංගුවේ තබා ගෙන සිට, ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් පසුව ඔවුන් නිදහස් කෙරිණි.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වූ අන්තර්ජාතික බලපෑම හමුවේ 2013 වසරේ ජුලි 04 වන දා මෙම පිරිස යළි අත්අඩංගුවට ගෙන ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.


READ MORE:  ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා