ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි…

Local

Minister Sajith Premadasa

බන්ධනාගාර ගතව සිටිමින් මත්ද‍්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට එරෙහි පිරිස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට ද මරණ දඬුවම ලබාදීමට විරුද්ධ බවට ඒ මහතා චෝදනා කළේය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන්ම නිවේදනය කර තිබිණි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම තවත් නොයෙකුත් මැති ඇමතිවරුන් පසුගිය කාලය පුරාවටම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේම පක්ෂයේ බහුතරයකගේ මතයට වඩා වෙනස් මතයක් දරමින් මරණ දඬුවමට පක්ෂව ජනාධිපතිවරයා සමඟ සිටගෙන තිබේ.

එසේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරයාගේ මතයට එකඟ වෙමින්, මරණ දඬුවමට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියද, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවා මරණ දඬුවමට අකමැත්ත ප්‍රකාශ කර සිටින පසුබිමකය.


READ MORE:  මරණ දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගෙනාවොත් එදින ශෝක දිනයක් කරනවා - ජනපති