කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අද එංගලන්තය සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය කඩුලු 8ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමත් සමග ය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 223කි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ස්ටීවන් ස්මිත් පන්දු 119කදී ලකුණු 85ක් රැස් කළේ ය.

ඇලෙක්ස් කේරි ලකුණු 46යි.

එංගලන්ත කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාවේ සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි විය.

පන්දු යැවීමේදී එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් සහ ආදිල් රෂීඩ් කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

ලකුණු 224ක ඉලක්කයක් කරා හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 31යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 226ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තේ ය.

එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි ලකුණු 85ක් රැස් කළේ ය.

ජෝ රූට් නොදැවී ලකුණු 49යි.

ඉයන් මෝගන් පන්දු 39කදී නොදැවී ලකුණු 45ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී මයිකල් ස්ටාක් සහ පැට්‍රික් ජේම්ස් කුමින්ස් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

Related Articles

කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්...
බෙන් ස්ටෝක්ස්: "විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා" සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
දිමුත්, මාලිංග ඇතුළු 10 දෙනෙක් පකිස්ථාන තරග සංචාරයට සහභාගී නොවන බව දැනුම් දෙති
"මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි.!
ICC නව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉහළට
ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්
ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?
සියල්ල උඩු යටිකුරු කරමින් සිංහයන් කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරයි

READ MORE:  ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි