බෙන් ස්ටෝක්ස් ‘විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානය අත හරී

Sports

Ben Stokes
Ben Stokes

‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසයි.

ඔහු සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ, 12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බවය.

“වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ වීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වනවා. ඒ වගේ ම මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා. ඒත් මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ කියලා මට හිතෙනවා,” බෙන් ස්ටෝක්ස් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, “මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි,” යනුවෙනි.

“ඔහු තමයි ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ. ඒ වගේ ම ඔහු පිරිමින්ට ආධ්‍යාත්මික නායකයෙක්. ඒ සම්මානයට සුදුස්සා ඔහුයි. මගේ ඡන්දයත් ලැබෙන්නේ ඔහුටයි,” බෙන් ස්ටෝක්ස් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.


READ MORE:  වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට