ධර්මසේනගේ වරදින් එංගලන්තයට අමතර ලකුණක් ලැබුණාද? සැබෑ ජයග්‍රාහකයෝ නවසීලන්තයද?

Sports

2019 ලෝක කුසලානයේ ජයග්‍රාහකයා කවුද යන්න මේ වන විට තීරණය වී අවසන්. ඉතාම තරඟකාරීව පැවැත්වුණු තරඟය ලකුණු සමවීමෙන් අනතුරුව සුපර් ඕවරයක් හරහා තරඟයේ ජය විසඳීමට තීරණය වුණා. එහිදීත් ලකුණු සම වීම හේතුවෙන් වැඩිම හතරේ සහ හයේ පහර එල්ල කළ එංගලන්තයට ශූරතාවය හිමි වුණා.

ඒත් සැබෑවටම ශූරයන් එංගලන්තයද? මේ වෙද්දී තරඟයේ තීරණාත්මකම මොහොතක සිදුවූ එක්තරා වැරැද්දක් දැඩි ආන්දෝලනයක් මවා තිබෙනවා.

ඔබට මතක ඇති තරඟයේ වාසිය එංගලන්තයේ පැත්තට බර කළ ඕවර් ත්‍රෝ ලකුණු 6. පන්දු රකින්නා විසින් එල්ල කරන ලද පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව පසු කිරීම නිසා ප්‍රධාන විනිසුරු ධර්මසේන විසින් එංගලන්තයට ලකුණු 6ක් පිරිනමනු ලැබුවා.

ICC නීති වලට අනුව පන්දු රකින්නා පන්දුව යොමු කරද්දී පිතිකරුවන් දෙදෙනා එකිනෙකාව පසු කරමින් මාරු වී (Cross) නැතිනම්. එම ලකුණ ඕවර් ත්‍රෝ ලකුණු වලට එකතු වන්නේ නැහැ. ඊයේ තරඟයේදී මාටින් ගප්ටිල් පන්දුව කඩුල්ල වෙත යොමු කරන විට පිතිකරණයේ යෙදෙමින් සිටි බෙන් ස්ටෝක්ස් සහ අඩිල් රෂීඩ් දෙවෙනි ලකුණ සඳහා එකිනෙකාව පසුකර දුවගොස් තිබුණේ නැහැ. ඒ අනුව එංගලන්තයට හිමිවිය යුතුව තිබුණේ ඕවර් ත්‍රෝ ලකුණු 5ක් පමණයි.

කෙසේ නමුත් විනිසුරු ධර්මසේන එහිදී එංගලන්තයට ලකුණු 6ක් පිරිනමනවා. වැරැද්ද සිදුවන්නේ එතනයි.

කුමාර ධර්මසේන විසින් එංගලන්තයට ලබා දුන් මෙම අතිරේක ලකුණ නොතිබෙන්නට ලෝක කුසලානය පහසුවෙන් නවසීලන්තයට ජය ගැනීමට තිබූ බව ෆොක්ස් නිවුස් සේවය වාර්තා කරනවා. 

ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයක මෙලෙස විනිසුරු වැරදීම් සිදු වීම කිසිලෙසකින් හෝ අනුමත කළ නොහැකි බවත් එම අතිරේක ලකුණ හේතුවෙන් ලෝක කුසලානයේ ජයග්‍රාහකයා වෙනස් වූ බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නවසිලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වුණා.

READ MORE:  හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?

පිළිතුරු ඉනිම හඹාගිය එංගලන්තය නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් රැස් කර ලකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ලබාදීමට තීරණය කෙරුනා.

ඒ අනුව එම පන්දු වාරයේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 15ක් රැස් කළා.

නවසීලන්ත කණ්ඩායමට ඒ අනුව සිය පන්දු වාරයේදී ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 16ක්.

කෙසේවෙතත් නවසීලන්තයට එම පන්දුවාරයේදී කඩුල්ලක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 15ක් පමණයි.

ඒ අනුව සුපිරි පන්දුවාරයේදී නැවත වතාවක් දෙපිලම සම වූ අතර, වැඩිම 4 පහර ප්‍රමාණයක් අවසාන තරඟයේ එල්ල කළ එංගලන්ත කණ්ඩායමට 2019 ලෝක ක්‍රිකට් කුසලානය හිමි උනා.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම නීතිය ගැන මේ වන විටත් සමාජ මධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. තවද සුපිරි ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා ඇතුලු බොහෝ දෙනෙක් වැඩි හතරේ හයේ පහරවල් එල්ල කිරීම යන සාධකය මුල් කරගෙන එංගලන්තයට ලෝක කුසලානය ලබා දීමටත් දැඩිව විවේචන එල්ල කර තිබෙනවා. එහිදී රෝහිත් ෂර්මා පවසා තිබුනේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් නීතින්ට සංශෝධනයක් අවශ්‍ය බවය.

Read: England’s Stokes benefited from ‘clear mistake’ to earn extra run in final over

READ MORE:  බෙන් ස්ටෝක්ස්: "විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා" සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා