දීමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතර 8 වන තැනට

Sports

Dimuth Karunaratne, is a professional Sri Lankan cricketer and current captain of the Sri Lanka Test and One-Day International cricket teams.
Dimuth Karunaratne, is a professional Sri Lankan cricketer and current captain of the Sri Lanka Test and One-Day International cricket teams.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 08 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින්.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි ශතකයක් වාර්තා කරමින් ඔහු දැක්වූ දක්ෂතාව අනුව මෙසේ තම ටෙස්ට් ජීවිතයේ පළමු වරට දිමුත් ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියා.

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මීට අමතරව නිරෝෂන් දික්වැල්ල 33 වැනි ස්ථානයටත්, ළහිරු තිරිමාන්න 95 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

ටෙස්ට් පිතිකරුවන් අතර ලෝකයේ අංක 01 ඉන්දීය නායක විරාත් කෝලිට හිමිව තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ සුරංග ලක්මාල්ය.

ඔහු 30 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට අමතරව

  • අකිල ධනංජය 36 වැනි ස්ථානය දක්වාත්,
  • ලසිත් ඇඹුල්දෙණිය 69 වැනි ස්ථානය දක්වාත්,
  • ධනංජයද සිල්වා 77 වැනි ස්ථානය දක්වාත්

ඉදිරියට පැමිණ ඇති අතර පන්දු යවන්නන් අතර මුල් ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ය.


READ MORE:  "මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ" - ලසිත් මාලිංග