ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි – ගැරී ස්ටෙඩ්

Sports

Black Caps coach Gary Stead
Black Caps coach Gary Stead

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතු බව නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසයි.

එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණයට බලපෑ තාක්ෂණික කරුණු පිළිබඳ අදහස් දක්වමින් ගැරී ස්ටෙඩ් මේ බව ප්‍රකාශ කර ඇත.

තරඟයේ ලකුණු සමවීම සහ සුපිරි පන්දුවාරයේ ලකුණු සමවීම හේතුවෙන් කණ්ඩායමක් විසින් තරගය පුරා රැස්කර හයේ සහ හතරේ පහර සංඛ්‍යාව අනුව අවසන් මහා තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමිවූ අතර එවැනි තාක්ෂණික කරුණක් මත මෙවැනි තරඟයක ජයග්‍රහණය තීරණය වීම අවසනාවන්ත තත්ත්වයක් බව ඔහු ප්‍රකාශ කර ඇත.

ලොව ක්‍රීඩා විශ්ලේෂකයින් විසින් එක්දින තරඟ ඉතිහාසයේ ආකර්ශණීයම අවසන් මහා තරඟය ලෙස හදුන්වාදුන් මෙම තරඟයේ අවසානය මීට වඩා වැදගත් ක්‍රමවේදයකින් තීරණය කල යුතුව තිබූ බව ගැරී ස්ටෙඩ් සදහන් කර තිබේ.

කෙසේවෙතත් තරඟාවලිය පුරා මෙවැනි තරඟ අත්දැකීමක් නොතිබීම හේතුවෙන් අවසන් මහා තරඟයේදී මෙවැන්නක් තරඟ නීතිරීති සකස් කිරීමේදී අපේක්ෂා නොකරන්නට ඇති බවට ඔහු විශ්වාසය පල කරයි.

තරඟයේ විනිසුරු තීරණ පිළිබඳව අදහස් දක්වමින් ගැරී ස්ටෙඩ් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවරුන්ද මනුෂ්‍යයින් වන බැවින් ඇතැම්විට වැරදීම් සිදුවීමේ ඉඩකඩ පැවතිය හැකි බවයි.

– Adaderana & Theguardian


READ MORE:  "මම විකට් ටේකිං පන්දු යවන්නෙක් වෙන්න කුලේ ඔයත් උදව් කළා" මාලිංග කුලසේකරට ස්තූති කරයි.!