“මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ” – ලසිත් මාලිංග

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ එම වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවයි.
අදාල වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයගෙන්ම ඒ ගැන ඇසිය යුතු බවත්ය.
එසේම “මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.


Related Articles
ලෝක කුසලානය 2019: දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?
බිලියන ගණනක් දුකට පත් කළ ඉන්දීයානු කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය
ලෝක කුසලානය 2019 : "අවිශ්ක ප්රනාන්දු කොහෙද හිටියේ ?"
ක්‍රිකට් ලෝක කුසලාන තරඟ නීතිරීති වෙනස් විය යුතුයි - ගැරී ස්ටෙඩ්
ඩේල් ස්ටෙයින් ටෙස්ට් පිටියට සමුදෙයි
දීමුත් කරුණාරත්න ජාත්යන්තර ටෙස්ට් පිතිකරුවන් අතර 8 වන තැනට
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී යම් වැරැද්දක් සිදු වී තිබෙන බව කුමාර ධර්මසේන පවසයි
ලෝක කුසලාන සිහිනය දකුණු අප්රිකාවෙන් ගිලිහෙයි
