ලෝක කුසලාන ක්‍රිකට්: සිංහයෝ වික‍්‍රමයක… එංගලන්තයට දරුණු පරාජයක්

Sports

Lasith Malinga against England 2019 ICC world cup

සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය.

ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය.

ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ‍ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත පිල ලකුණු 212කට දවාලීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මේ අනුව අවසන් පූර්ව වටයට යාමෙ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තබා ගත හැකි අතර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලකර ඇති කණ්ඩායම් අතරින් ඉහළින්ම සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියෙ අද ලත් ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයකි.

  • මේ වන විට එංගලන්ත කණ්ඩායම තරඟ 6ක් ක්‍රීඩා කර ඉන් 4ක් ජයග්‍රහනය කරමින්, තරඟ 2ක් පරාජයට පත්ව, ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ රැඳීසිටින අතර
  • ශ්‍රී ලංකාව තරඟ 6ක් ක්‍රීඩාකරමින් තරඟ 2කක් ජයග්‍රහනය කර, තරඟ 2කක් පරජය වී ප්‍රසද ලකුණු 6ක් ලබාගනිමින් 5වන ස්ථානයේ රැඳී සිටියි.

මෙම ජයග්‍රහණයත් සමග දශක දෙකක කාලයක් ලෝක කුසලාන තරඟවල එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව ඉදිරියටත් තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.

තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබූ ලසිත් මාලිංග අදහස් දක්වමින් ජයග්‍රහණයෙන් ලැබූ පන්නරය සමඟ ඉදිරි තරඟවලට මුහුණදීම කණ්ඩායමේ අභිලාශය බව කියා සිටියේය.

2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යනු ආත්ම විශ්වාසය මත ඉදිරියට යන කණ්ඩායමක් බවය. මුලින්ම එංගලන්ත කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමෙන් අනතුරුව තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කළ බවත් ඔහු කියා සිටියේය.

READ MORE:  ලෝක කුසලාන ක්‍රිකට්: ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින තරග ඉතිහාසය