වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට

Sports

වසර 27කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට නවසීලන්ත කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින් පිවිසීමට එංගලන්තය ඊයේ (03) සමත් විය.

තරඟයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළේය.

එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් ලකුණු 106ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 45ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 186ක් පමණි.

සාර්ථක වූ එකම පිතිකරුවා වෙමින් ටොම් ලැතම් ලකුණු 57ක් රැස් කළා. නවසීලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේ අඛණ්ඩව ලැබූ 03වන පරාජය ද මෙයයි.

මේ සමඟම ඔවුන්ගේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවලට ද යම් බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ, පාකිස්තානය එළඹෙන තරඟයේ දී බංග්ලාදේශය පරාජය කළහොත් පාකිස්තාන ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව හා නවසීලන්තයේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව සම වීම සම වන හෙයිනි.

එසේ උනහොත් අවසන් පූර්ව වටයට යන කණ්ඩායම තෝරා ගනු ලබන්නේ කණ්ඩායම් 02හිම දළ ලකුණු වේගය මතයි.

ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක කුසලාන තරඟය අද(04) පැවැත්වීමට නියමිතය.


READ MORE:  ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කළ නවසීලන්තය අවසන් මහා තරගයට