වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා

Local

Sajith Premadasa is the Cabinet Minister of Housing, Construction and Cultural Affairs and Member of Parliament for Hambantota District
Sajith Premadasa – Cabinet Minister of Housing, Construction and Cultural Affairs and Member of Parliament for Hambantota District

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු තවත් ආදර්ශ ගම්මානයක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි.

ඒ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

රත්නපුර කහවත්ත බුංගිරිය ප්‍රදේශයේදී අද විවෘත කෙරුණු කටුරොදගම ආදර්ශ ගම්මානය සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු 204 වන ආදර්ශ ගම්මානයයි.

එම අවස්ථාවට එක්වෙමින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් පල කළේය. 

“ජනතාව තීන්දු කළොත් රාජ්‍ය බලය රණසිංහ ප්‍රේමදාසගේ පුතාට දෙන්න, පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකක් මෙන්ම,සපත්තු කූට්ටමකුත් දෙන යුගය අපි ආරම්භ කරනවා.වැඩ කරන ඇත්තො නම් ඇස් දෙක ගිලිලා තියෙන්න ඕනි. මහන්සි පෙනුම තියෙන්න ඕනි.මගේ මූණේ ඒ හැමදේම තියෙනවා.ඒ මොකද හැම වෙලාවෙම අපි ජනතාව ගැන හිතනවා ජනතාවට උදව් කරන්න.”

යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.


READ MORE:  ඇමති සජිත් මරණ දඬුවමට ජනපති හා එකඟවෙයි...