සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් – අනුර කුමාර

Local

ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට කිසිවිටෙකත් හානි නොකරන බව ජාතික ජන බලවේගයේ නව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

එසේම රටේ සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් ගොඩනැගීමට තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන 28ක ගේ එකමුතුවෙන් පිහිටවූ ජාතික ජන බලවේගයේ මංගල රැලියේදී පැමිණ සිටි ජනතාව අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මාව නම් කර තිබෙනවා.

ජාතික ජනබලවේගයට මා ඒ ගැන ස්තූති කරනවා.

ඔබ සියලු දෙනා මා ගැන තබා තිබෙන විශ්වාසය කිසිදා බිඳ නොහෙලෙන බව කියන්න කැමති.

අපේ රටේ දේශපාලනය ඉතාමත් කැත පිළුණු වු ගඳ ගසන පොරපිටියක් බවට පත් වී තියෙනවා.

දූෂිත දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිදු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සඵත කර ප්‍රකාශ කර සිටිනවා.

ඔබටත් අපිටත් තියෙන්නේ එකම අපේක්ෂාවක්. අපේ රාජ්‍ය ලෝකය ඉදිරියේ අභිමානවත් රාජ්‍යයක් බවට පත් කළ යුතුයි.

මේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි.

ඒ වෙනස වෙනුවෙන් අපි වැඩ කරමු.

සහතික වශයෙන් ජයග්‍රහණය කරන සටනක් අපි නිර්මාණය කරමු.” යනුවෙන් ජාතික ජන බලවේගයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියා සිටියේය.

Source: Adaderana

Related Articles

මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරව‍නීය තීන්දුවක් ගන්නවා - ජනපති
හක්මීමන බැංකුවක කොල්ලයක්
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති
මට, ගෝටාට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට එන්න බැරි වෙන්න ව්‍යවස්තාව වෙනස් කරලා - මහින්ද
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි - සරත් ෆොන්සේකා

READ MORE:  කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ