ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ

Local

Major General Shavendra Silva, WWV, RWP, RSP, USP, psc
Major General Shavendra Silva, WWV, RWP, RSP, USP, psc

මෙරට යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු හමුදාපති ධුරයට පත් කල බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේය.

1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටි.ටි.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කළේය.


READ MORE:  මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්...