‘අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..’ – කරු ජයසූරිය

Local

Deshabandu Karu Jayasuriya, MP is a Sri Lankan politician and statesman. He is the current Speaker of the Parliament of Sri Lanka.
Deshabandu Karu Jayasuriya, MP is a Sri Lankan politician and statesman. He is the current Speaker of the Parliament of Sri Lanka.

ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි අනන්‍යතාවය ට තර්ජනයක් ඇතිවන බවත් ඒ නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකිවයුතු භාවයෙන් කටයුතු කළ යුතු බවත්, කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

එයට හේතුව, සිය ජීවිතයම අන් අයගේ ලෝ සසුන් අභිවෘධිය වෙනුවෙන් කැප කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පූජනීය වූ භික්ෂූන් වහන්සේලාටද එතුළින් යම් කැළලක් සිදුවන නිසා බවද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ආගම පමණක් නොව ශ්‍රී ලාංකීය සංස්කෘතිය භාෂාව සාහිත්‍ය මෙන්ම හෙළ වෙදකමද අධ්‍යාපනයද පරපුරෙන් පරපුරට ආරක්ෂා කළ මධ්‍යස්ථානය වන්නේ පන්සල බවත් ධර්ම ශාලාවෙන් සහ භික්ෂුන් වහන්සේගේ අවවාද වලින් දුරස් වූ සමාජය අසහනයෙන් පිරී ගිය බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.

කථානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ කොත්මලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් විද්‍යාලෝක පරිවේණාධිපති කහත්තේවෙල චන්ද්‍රජෝති නායක හිමියන් ට අක්තපත්‍ර පිළිගැන්වීම නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, කොත්මලේ රාවණාගොඩ විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දී පැවති උත්සවය අමතමනි,

වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි මෙම පූජෝත්සවය අමතමින් කථානායකවරයා සඳහන් කළේ වර්ථමානය වනවිට ලොව පුරා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශණය කෙරෙහි විශාල පැහැදීමක් ඇති වී තිබෙන බවත්, එහිදී මුළු ලෝකයටම දහම් පහස ලබා දීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීමට පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රීලංකාවට හැකි බවත්ය. ඊට දැණුමෙන් සන්නද්ධ වියත් භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාව තුළ නොඅඩුව වැඩ වසන බවද කථානායකවරයා පැවසීය.

හෙතෙම සඳහන් කළේ ආතර් සී ක්ලාක් මහතා මීට දශක 2 කට පෙර පළකළ අනාවැකිය අනුවද වැඩි කල් නොගොස් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගමික දර්ශණයක් බවට බුදුදහම පත්වෙනු ඇත් බවයි.

READ MORE:  වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ බුදු දහම තුළ අනෙකුත් සියළුම ආගමික දර්ශණයන්ට ගරු කරන ලෙස මග පෙන්වා ඇති බවත් ඒ අනුව කිසිඳු බෞද්ධයෙකුට ආගම්වාදියෙකු හෝ ජාතිවාදියෙකු විය නොහැකි බවත්ය.

උත්සවය අමතමින් කථානායකවරයා මෙසේද පැවසීය

සංඝනායක ධුරයකට හැම අතින්ම සුදුසු සම්භාවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් හැටියට කහතතේවෙල චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මෙම පුජෝත්සවයට මම සහභාගී වෙන්නේ ඉතාමත් කැමැත්තෙන් හා ගෞරවයෙන් . උන් වහන්සේ ඉතාමත් ගෞරවනිය සඟ පරපුරක් නියෝජනය කරන්නේ.

තමන්ගේ ගුරු දේවයන් වහන්සේගෙන් පස්සේ පිරිවෙන් විහාරස්ථානය දියුණුවෙන් දියුණුවට පත් කරමින් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ධූරය දරමින් අනලස්ව ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් උන් වහන්සේ කැප වුණා.

ඒ වගේම අප දන්නවා උන් වහන්සේ විදේශ ගතවත්, මහා බ්‍රිතාන්‍යයේ විශාල ආගමික සේවාවක් ඉටුකළ බව. මේ සේවය නිසාමයි උන් වහන්සේට අද මේ ලැබෙන නායක පදවිය සංඝසභාව විසින් ඒකමතිකව, සියලු ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය සමඟ ලැබෙන්න කටයුතු යෙදුණේ.

විශේෂයෙන්ම සදාචාරසම්පන්න, විනයගරුක සමාජයක් බිහි කිරිමේදි, වර්තමානයේ දැන උගත් භික්ෂුන් වහන්සේලාගේ සේවය, මඟ පෙන්විම සමාජයට අතිශයින් වැදගත් යුගයක්.

භික්ෂුන් වහන්සේගේ අවවාද, අනුශාසනා ලබපු පන්සල ඇසුරෙන් හැදුණු වැඩුණු පුද්ගලයෙක් විදියට මාගේ ජිවිතයේ විශාල ආශිර්වාදයක් එයින් ලැබුණු බව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.

මේ කොත්මලේ ප්‍රදේශයට එනකොට විශාල ඓතිහාසික පසුබිමක් අපට සිහිපත් වෙනවා. දුටුගැමුණු රජතුමාට රැකවරණය දීපු යෝධ ජාතික සටනකට අවශ්‍ය පන්නරය ලබාදීපු බිමක් මේ.

ඒ වගේම විදේශ ආධිපත්‍යයට එරෙහිව කන්ද උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනිම සඳහා, දළදා වහන්සේ ආරක්ෂා කර ගැනිම සඳහා සටන් වැදුණු ධෛර්ය සම්පන්න නිරිභය මිනිසුන් ඔබේ මුතුන් මිත්තන් හැටියට ඔබට වැදගත් ඉතිහාසයක් නිරිමාණ කර තිබෙනවා.

විශේෂයෙන්ම මෑත ඉතිහාසයේදි කොත්මලේ ජනතාවගේ ශක්තියෙන් නිරිමාණය වුණූ ප්‍රතාපවත් ජාතික නායකයෙක් හැටියට ගාමිණි දිසානායක මැතිතුමා විශාල යුග මෙහෙවරක් ඉටුකර තිබෙනවා.

READ MORE:  අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

මේ ගහකොළ පිරුණු පරිසරය තුළ සොබාදහමත් එක්ක ජීවත් වන මිනිස්සු තුළ තවමත් නගරයේ නැති දියුණූ බවක්, ආගම දහමත් එක්කලා සමීප බවක්, තිබෙනවා. ඔවුන් හට අයිතිවාසිකම් ගැන පමණක් නෙමෙයි යුතුකම් හා වගකීම් ගැනත්, හැඟිමක් තිබෙනවා.

මේ හැඟිම පෝෂණ වුණේ පන්සලෙන්. ඒක තමයි ගමේ ශක්තිය. ඒ නිසා අද දවසේ අපේ නායක ස්වාමින් වහන්සේට මේ පදවිය ලැබුණට පස්සේ ඒ සමාජ මඟ පෙන්විම තව දුරටත් පුළුල්ව ශත්කිමත්ව ඉටු කරන්න හැකිවන බව විශ්වාසයි.

ඒ සඳහා උන් වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

– කතානායක මාධ්‍ය අංශය