“සුබවාදි ගමනකට ශ්‍රීලනිප මන්ත්‍රිවරු පිරිසක් එජාපයට” – රවී කරුණානායක

Local

Ravi Karunanayake
Ravi Karunanayake

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා කර ඇති බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක (26) විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

එහිදී මේ සම්බනධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ ප්‍රමාණය ඉදිරියේදී අපට පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් අප සමග එකතු වෙන්නේ සුබවාදි ගමනක් සදහායි. අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්.

රටේ යම් යම් ප්‍රශ්න ඇති කරන්නේ, යම් යම් පුද්ගලයන් ඉලක්ක කරලා. දැන් මේ රටේ කුණු ප්‍රශ්නයත් ඒ වගේ තමයි.  මේවා කරන්නේ කව්ද කියලා සොයා බැලිය යුතුයි. මේවාට අවසර දීලා තිබෙන්නේ 2013 වසරේ. නමුත් අපි ආණ්ඩු වලට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. ගැටළුව දුරදිග යන්න කළින් සොයා බලා පිළියම් ලබාදිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න, බෙදා වෙන්කරන්න හදන අය ඉන්නවා. නමුත් අපි ඒ දේ කරන්න දෙන්නේ නැහැ. දෙතුන් දෙනෙක් ඉන්නවා මේ කඩාක්පල්කාරී පුද්ගලයින්. මේක අද ඊයේ සිද්ධ වුන දෙයක් නෙවෙමයි. 2005, 2010 වසර වලදීත් මේ දේම සිද්ධ වුණා. ඩී.එස්. සේනානායකලා ඉතාමත් ශක්තිමත්ව  ගොඩැනගුව එක්සත් ජාතික පක්ෂයේ පළමු කැඩීම සිද්ධ වුණේ 1989 දී. ඒ දෙදරීම තමයි අද වෙනකල් මෙතෙක් දුර ඇවිත් ඉන්නේ”


READ MORE:  Japanese state minister of defence visits Lankan naval ship