කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි

Local

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රජය තවමත් වසන් කරන බවත් ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසම් සභා, කමිටු පත් කර තිබුණත් සිදුවීමේ වගකීම එකිනෙකා වෙත පැටවීමට උත්සහ කරන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ වතිකානුවේදී ප්‍රකාශ කර තිබේ.

කාදිනල් හිමිපාණන් ඉකුත් 20 වන දා වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට පෙර රොයිටස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව තමා කලින් දැන සිටියා නම් සියලු දේවස්ථාන වසා බැතිමතුන් නිවෙස් කරා පිටත් කර යවන බව ය.

මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් ශ්‍රී ලංකා රජයේ වගකීම් විරහිත භාවය මින් පෙන්නුම් කරන බවත් උන්වහන්සේ රොයිටර් පුවත් සේවය සමග පවසා තිබේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ බුද්ධි අංශ ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබූ බවත් අවාසනාවකට මෙරට රජය එය ගණන් නොගෙන නිද්‍රාශීලීව සිටි බවත් කාදිනල් හිමියන් EWTN මාධ්‍ය වෙත පවසා තිබේ.

උන්වහන්සේ අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය පිළිබඳව කල් තියා දැනුවත්ව තිබුණු බැවින් බලධාරීන්ට අත පිහිදාගෙන ඉවත් විය නොහැකි බව ය.

Related Articles

සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර
2015දී ණය ටි‍්‍රලියන 07යි... අද ටි‍්‍රලියන 13යි...
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි - රවී කරුණනායක
සියළු ජාතීන්ට එක්ව ජිවත් විය හැකි මානව සම්පත තුලින් ඉදිරියට යන ආර්ථිකයක් - අනුර කුමාර
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

READ MORE:  Japanese state minister of defence visits Lankan naval ship