ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරව‍නීය තීන්දුවක් ගන්නවා – ජනපති

Local

Srilanka president Maithripala Sirisena

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන ගෞරව‍නීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්තී‍්‍රවරියන් සමග නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති හමුවකට එක්වෙමිනි.

ඇතැම් පාර්ශව කුමන චෝදනා එල්ල කළ ද රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට තමන්ට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.


READ MORE:  පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට