දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්

Sports

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තය තියුණු ජයක් වාර්තා කළේ ය.

තරගයේ කාසිය වාසිය හිමි කර ගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනය කළේ ය.

තරගය පන්දුවාර 49කට සීමා වු අතර ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 241කි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ රාසි වැන් ඩර් ඩර්සන් නොදැවී ලකුණු 67ක් රැස් කළේ ය.

හෂීම් අම්ලා ලකුණු 55යි.

පන්දු යැවීමේදී නවසීලන්තයේ ලොකී ෆර්ගසන් කඩුලු 3ක් දවා ගත්තේ ය.

අනතුරුව ලකුණු 242ක ඉලක්කයක් කරා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3කදී ලකුණු 245ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ ය.

නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් නොදැවී ලකුණු 106ක් වාර්තා කළේ ය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මෝරිස් කඩුලු 3ක් දවා ගත්තේ ය.


READ MORE:  අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ - මහේල ජයවර්ධන