සිංහයන් ඉදිරියේ බංග්ලාදේශයට දැවැන්ත පරාජයක්

Sports

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජයග්‍රහණය කළේ ය.

මෙම තරගයේ ජයත් සමග සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වී හමාරයි.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆික රහීම් නොදැවී ලකුණු 98ක් රැස් කළ අතර මෙහිදි හසන් ලකුණු 43යි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි විය.

ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 238ක් රැස් කිරීමට බංග්ලාදේශය සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ලකුණු 239ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ පන්දුවාර 44යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගනිමිනි.

අගනා පිති හරඹයක නියැලුණු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 75කදී ලකුණු 82ක් රැස් කළේ ය.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52යි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී බංග්ලාදේශයේ මුස්තෆිසර් රහ්මන් කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දුයි.

Related Articles

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි...
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී
කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්...
හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු
බෙන් ස්ටෝක්ස්: "විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා" සම්මානයට නිර්දේශ වූ එංගලන්ත ක්‍රීඩකයා
හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට?
ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති හරීන්ද න්වයි
ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්

READ MORE:  කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි