මම හැමවෙලේම මගේ skill එක trust කරනවා – ලසිත් මාලිංග

Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම තරගයට පෙර සහෝදර වෙබ් අඩවියක් වන ThePapare වෙත දැක්වූ අදහස්.

මම හිතන්නෙ ලොකු වෙනස්කම් නෑ මොනවත්. දන්න දේ කරන එක තමයි වැදගත් වෙන්නෙ. තරඟය ජයග්‍රහනය කරන්න අපි හැමෝටම ඕනකමක් තිබුන. ලබාගත් ලකුණු සංඛ්‍යාව එක්ක හැමෝගෙම හිතේ චකිතයක් තිබුනා ලකුණු සංඛ්‍යාව මදි කියල.

ඒ වගේ ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් නවත්ත ගන්න නම් කඩුලු 10ම ලබා ගන්න ඕන.ඒ කට හොඳම දේ තමයි පළමු පන්දුවාර 10 ඇතුලත කඩුලු 2ක් හෝ 3ක් ලබා ගැනීම. ඉතින් මං හිතනව ඒ අවශ්‍යතාව මගේ අතින් ඉෂ්ට උනා කියල. ඒ වගේ ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් නවත්ත ගන්න නම් කඩුලු 10ම ලබා ගන්න ඕන.ඒ කට හොඳම දේ තමයි පළමු පන්දුවාර 10 ඇතුලත කඩුලු 2ක් හෝ 3ක් ලබ ගැනීම. ඉතින් මං හිතනව ඒ අවශ්‍යතාව මගේ අතින් ඉෂ්ට උනා කියල.

පස්සෙ ඇවිල්ල අනික් සෑම කෙනෙක්ම ලකුණු නොදී හොඳින් හිරකරගෙන හිටිය. බේසික් එක ලයින් එකයි ලෙන්ත් එකයි හොඳින් කරගෙන හිටිය ඔවුන්ට ලේසියෙන් ලකුණු ලබා ගන්න නොදී හොඳට පන්දු යැවුවා. ඒක තමයි මැච් එක ගොඩක් පස්සට ඇදගන්න තියෙන එකම අවස්ථාව. පස්සට මැච් එක ඇදගත්ත නිසා තමයි ඔවුන්ට ප්‍රෙෂර් එකක් වැටිල ආයෙමත් මං මැද්දෙන් ඇවිල්ල මං තව විකට් 2කක් අරන් දෙනව.

ඉතින් ඒ වගේ අවස්තාවලට මං ළඟ තියෙන ස්කිල් එකත් යූස් කරල කොහොමඩ කඩුලු ලබා ගන්න ගමන් ලකුණු නතර කටන්නෙ කියන එකත් කල්පනා කරල කණ්ඩායමට අවශ්‍යදේ කරල දෙන්න උත්සහ කළේ.

ජොස් බට්ලර් ගෙ දැවීයාම ගැන පොඩ්ඩක් සඳහන් කරොත්… මොකක් හරි සැලැස්මක් තිබ්බද?

එහෙම නෑ මං එයත් එක්ක ගොඩක් මැච් ගහල තියෙනව. මට ගොඩක් මතකයි මං ගහපු ක්‍රිකට්. අයි.පී.එල් එකේ දිත් මම ගහපු ක්‍රිකට් මතකයි. ඒ වගේම මම මගේ ස්කිල් එක විශ්වාස කරනවා. මට කරන්න පුළුවන් දේ ගැන. ඒක නිසා මට හිතුනොත් මට මේ දේ කරන්න පුළුවන් කියල මං ට්‍රයි කරන්වා. ඉතින් මං ඒ වෙලාවෙ තීරණය කළා මෙයා අවුට් කරන්නෙ කොතනින්ද කියන එක. ඒ නිසා විකට් එකත් ස්ලෝ, පන්දුවත් පරණයි. ස්ලිප් වලින් අවුට් කරන්න හම්බෙන්නෙ නෑ කියල තේරුම් අරගෙන ස්ලිප් එකේ හිටපු කෙනා කැචින් වලට අරගෙන ඔප්ෂන් එකක් දුන්න තව පොඩ්ඩක් හරහට බැට් කරන්න කියල. ඉතින් මං හිතනව මගෙ ට්රැප් එක හරි ගියා කියලා.

ගේම් එකක් ගහන කොට ට්රැප් එකක් දෙන්න ඕන. ඒක දෙනකොට හතරක් පෙන්නල තියන්න ඕන එයාට එතෙන්ට ගහන්න කියන එක. ඒ වගේ ට්රැප් දෙන ගමන් තමයි ගේම් එකක් හැන්ඩ්ල් කරන්න පුළුවන්. ඒක ගහන අපි තමයි දන්නෙ මොකද මැද වෙන්නෙ කියන එක. එළියෙන් බලන් ඉඳල කියයි හතරක් ගියා නම් කොහෙද මම බෝල් කරන්නෙ කියල. ඉතින් ඒ දෙකම මම බාරගන්න බලාපොරොත්තුවෙන් තමයි ට්රැප් එක යූස් කරන්නෙ. ඒ නිසා කණ්ඩායමේ ජයග්‍රහනය වෙනුවෙන් මම දන්න සියල්ල ඒ වෙලාවෙ මම යොදා ගන්නවා. අනිත් ක්‍රීඩකයන්ටත් මම උදවු කරනවා මේ වගේ දේවල් තමයි වෙන්න ඕන කියල. මට පුළුවන් දේ මම කරල කණ්ඩායමේ ජයග්‍රහනයටත් දිමුත්ටත් සහයෝගය දෙනවා.

නැත්තම් අද ගහන්නෙ අද එංගලන්තය එක්ක, දකුණු අප්‍රිකාව එක්ක , මේ ගොල්ලො එක්ක එක විදිහකටත්, අරගොල්ලො එක්ක තව විදිහකටත්, එහෙම ක්‍රීඩා කිරීමේ හැකියාවක් නැහැ. කණ්ඩායම කවුරු උනත් මගේ පෞද්ගලික දක්ෂතාව අද විකට් 3ක් ගත්ත නම් හෙට කොහොමද 4ක් ගන්නෙ, ලකුණු 50ක් ගැහුවනම් හෙට කොහොමද 70ක් ගහන්නෙ ඒක තමයි පිතිකරුවෙකුගෙත් පන්දු යවන්නෙකුගෙනුත් වෙන්න ඕන.


READ MORE:  වසර 27කට පසු එංගලන්තය ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට