විරාත් කෝලි ලොව වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පළමු තැනට

Sports

Virath Kohli
Virath Kohli

ලෝක ප්‍රකට ‘ෆෝබ්ස්’ (Forbes) සඟරාව සෑම වසරකම ලොව ධනවත්ම පුද්ගලයන්, වැඩිම ආදායම් උපයන පුද්ගලයන් ආදීන් පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2019 වසරේ ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් පිළිබඳ ලැයිස්තුවක්ද මේ වන විට එලි දක්වා ඇත. එයට අනුව ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි ද වැඩිම ආදායම් උපයන මුල් සියදෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මෙම මුල් සියදෙනා අතරට ඇතුළත්ව සිටින එකම ක්‍රීඩකයා ඉන්දීය ක්‍රිකට් නායක සුපිරි පිතිකරු විරාත් කෝලි වීමයි.

මේ වනවිට ලොව දක්ෂතම පිතිකරුවා ලෙස බොහෝදෙනා විසින් සලකනු ලබන විරාත් කෝලිගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් බව එම වාර්තාවේ සඳහන් වෙයි. එය ලංකාවේ මුදලින් ගණන් බැලුවහොත් රුපියල් කෝටි 430කට ආසන්නය. මෙම මිලියන 25න් 21ක්ම ඔහු විසින් උපයනු ලබන්නේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම වැනි කටයුතුවලින්. වැටුප් සහ ක්‍රිකට් ක්‍රීඩා තරගවලින් ලැබෙන ආදායම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 4ක් පමණි. 2018 වසරේ ඔහු පසු වූයේ මෙම ලැයිස්තුවේ 83 වැනි ස්ථානයේයි. ඒ වනවිට ඔහුගේ වාර්ෂික ආදායම ලෙස සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24කි. මේ වසරේ කෝලිගේ ආදායම තවත් ඩොලර් මිලියනයකින් වැඩිවී ඇතත් ඔහුගේ ස්ථානය තරමක් පහත වැටී ඇති බව පෙනී යයි.

කෝලි ලෝකයේ වැඩිම ආදායම් උපයන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙද්දී ඒ අතින් දෙවැනි තැන දිනා සිටින්නේ අන් කිසිවකු නොව කෝලිට පෙර ඉන්දීය පිලේ නායකත්වය දැරූ එම්.එස්. දෝනිය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ලොව වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර තුන්වැනි ස්ථානය දිනා සිටියි.

සියලුම ක්‍රීඩාවන් සම්බන්ධයෙන් සලකන විට ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයා ලෙස කිරුළ දිනා සිටින්නේ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 127ක් ලෙස සඳහන් වෙයි. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2,200 ඉක්මවයි. දෙවැනි සහ තුන්වැනි තැන් දිනාගෙන සිටින්නේද පාපන්දු ක්‍රීඩකයන්මය. පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවැනි තැනද බ්‍රසීල ක්‍රීඩක නේමාර් තුන්වැනි තැනද දිනාගෙන සිටිති. ඔවුන්ගේ ආදායම් පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 109 (රු. කෝටි 1,900) සහ ඩොලර් මිලියන 105 (රු. කෝටි 1,800) ලෙස සඳහන් වේ.

Virath Kohli
Virath Kohli

කාලයකට ඉහත පාපන්දු ක්‍රීඩකයන් අතර වැඩිම ආදායම් ඉපැයූ ක්‍රීඩකයා ලෙස වැජඹුණේ රොනාල්ඩෝය. නමුත් දැන් මෙසී රොනාල්ඩෝ පසුකර යෑමට සමත්ව සිටියි. අප දන්නා ක්‍රීඩකයන් අතරින් ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් (මිලියන 93) පස්වැනි ස්ථානයේද ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (මිලියන 64) 11 වැනි ස්ථානයේද පසුවෙති. තවත් ප්‍රකට ටෙනිස් ක්‍රීඩකයකු වන රෆායල් නඩාල්ට හිමිව ඇත්තේ 37 වැනි තැනයි. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 35කි. සෙරීනා විලියම්ස් (මිලියන 29) 63 වැනි ස්ථානය දිනාගෙන සිටියි.

READ MORE:  Mahela Jayawardene set to coach Southampton-based side in The Hundred

ක්‍රීඩා ලොව මෙම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට කෝලිට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව පෙනේ. මෙම ලැයිස්තුවේ සිටින වැඩි දෙනා පාපන්දු, ටෙනිස්, ගෝල්ෆ්, බොක්සිං වැනි ක්‍රීඩා නියෝජනය කරන අයයි.

මේ වනවිට 30 වැනි වියෙහි පසුවන කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූයේ 2008 වසරේයි. ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස යන මාදිලි තුනේදීම 50ට වැඩි ලකුණු සාමාන්‍යයක් (average) වාර්තා කරන ලොව එකම පිතිකරුවා ලෙසද කෝලි විශේෂ වාර්තාවක් පිහිටුවා තිබේ. මේ මොහොත වනවිට (2019 ජූලි 19) කෝලිගේ ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස සඳහා ලකුණු සාමාන්‍යයන් සටහන් වූයේ පිළිවෙළින් 53.76, 59.67 සහ 50.28 වශයෙනි.


Virat Kohli Only Cricketer In Forbes’ 2019 List Of World’s 100 Highest-Paid Athletes

Virat Kohli is the only Indian and the only cricketer to have a place in Forbes 2019 list of world’s 100 highest-paid athletes. Forbes on Monday released its annual sports rich list with Virat Kohli occupying the last place. According to the Forbes list, Virat Kohli raked in USD 25 million via salary and endorsement deals over the past year. The bulk of Virat Kohli’s earnings came through endorsement deals (USD 21 million) with his salary accounting for USD 4 million. Meanwhile, Lionel Messi was the world’s highest paid athlete. The Barcelona and Argentina star dethroned retired boxer Floyd Mayweather as the sports world’s highest earner, with USD 127 million via salary and endorsement deals.

That put Messi ahead of long-time rival Cristiano Ronaldo, the Juventus and Portugal star who was second with earnings of $109 million.

Brazil and Paris Saint-Germain striker Neymar completed a sweep of the top three positions by footballers, coming in third with earnings of $105 million.

READ MORE:  Feels Names And Numbers on Jerseys Are Rubbish - Adam Gilchrist

The fourth highest earner on the list was Mexico’s middleweight boxing star Saul “Canelo” Alvarez with $94 million.

Alvarez, who defeated Gennady Golovkin last September to become the unified middleweight champion, inked the richest deal in boxing history last October, signing a five-year 11-fight contract with streaming network DAZN worth $365 million.

Evergreen tennis star Roger Federer was fifth on the list with total earnings of $93.4 million.

The bulk of Federer’s earnings came through lucrative endorsement deals, with the 20-time Grand Slam singles champion pocketing $86 million.

Stars from the NFL and NBA rounded out the top 10 on the list, with Seattle Seahawks quarterback Russell Wilson sixth on $89.5 million, just ahead of Green Bay Packers signal-caller Aaron Rodgers ($89.3 million).

Los Angeles Lakers star LeBron James was the highest earning NBA player, with $89 million, while Golden State’s Stephen Curry was ninth with $79.8 million.

Curry’s Golden State team-mate Kevin Durant was 10th on the rankings with $65.4 million.

Former world number one Tiger Woods was 11th on the list with $69.3 million, which included an estimated $54 million in endorsements.

Tennis superstar Serena Williams was the only woman to make the list, coming in at 63rd with earnings of $29.2 million.

(With AFP Inputs)