උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ

මෙවර අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මධ්යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
විභාගයට පෙනී සිටින සමස්ත අයැදුම්කරුවන් සංඛ්යාව 337,704කි.
ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයැදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ ය.
නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්යාව 198,229කි.
අපේක්ෂකයින්ට විභාග ප්රවේශ පත්ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු පැවසී ය.
Related Articles
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
"ඔබතුමාට සුභ පතනව, සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න..." - ෆීල්ඩ් මාෂල්
රාජ්ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්රසාද?
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්රේෂ්ඨාධිකරණය හමුවට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්
ශ්රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ - ශෙහාන් සේමසිංහ
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා 05ක්...
