කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්

Local

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

එම පුවත්පත සඳහන් කළේ, අදාළ කන්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකාව ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.

මීට අමතරව ප්‍රතිචක්‍රීකරණය සඳහා මෙරටට එවූ කසළ කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් ද හමු වී ඇති බව ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනය වීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරයි.

මේ අතර මෙරටට ගෙන්වා ඇති කසළ බහලුම් යළි තම රටට රැගෙන යන ලෙසට බල කරමින් අද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කර්මාන්ත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙලෙස රැගෙන විත් ඇත්තේ කසළ බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිළිගත් බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ කසළ තොගය ගෙන්වූ සමාගම මේ වන විට බුන්වත් වී ඇති බව ය.

Related Articles

පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා - අස්ගිර...
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න - හිස්බුල්ලා
රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?
සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ STF සෙබළුන් නිදහස්
අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන් 79ක් පාර්ලිමේන්තුවේ

READ MORE:  විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්