පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට

Local

අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබයි.

පසුගිය 5 වන දා මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර ඒ යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු බීමත් රියැදුරන් සංඛ්‍යාව 1763කි.


READ MORE:  කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා - අගරදගුරු හිමිපාණන්