විරුද්ධවාදීන් මගේ ප්‍රකාශය විකෘති කරලා ප්‍රචාරය කරා – රංජන්

Local

Ranjan Ramanayake

තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

අද දෙරණ කල විමසීමකදී ඔහු සදහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ලිඛිතව සහ වාචිකව තමාට දැනුම්දීමක් සිදුකර ඇති බවය. එම වෙබ් අඩවිය තව දුරටත් මෙස් වාර්තා කර ඇත.

තමන් මහා සංඝ රත්නයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකල බව ද එහිදි අමාත්‍යවරයා පවසා ඇත.

තමා සිදුකළ ප්‍රකාශයක් තමාගේ විරුද්ධවාදීන් විසින් විකෘති කර ප්‍රචාරය කර ඇති බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


Ranjan says opponents distorted his statement

State Minister Ranjan Ramanayake says he would meet PM Ranil Wickremesinghe tomorrow (17) to clarify the controversial statement concerning Buddhist monks residing at temples.

Speaking to Ada Derana, the state minister said the prime minister had formally and informally notified him to submit clarification on the matter.

The state minister, however, says he has not made a comment that is insulting to Buddhist monks.

The opponents have distorted the statement made by him, State Minister Ranjan Ramanayake said further. 


READ MORE:  ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි