මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අදයි

Science

People of Sri Lanka will have the opportunity to witness a partial lunar eclipse at midnight today(July 16).
People of Sri Lanka will have the opportunity to witness a partial lunar eclipse at midnight today(July 16).

වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවනු ඇති.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ අද මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වනදා අලුයම 12.13ට මෙම චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වන බවයි.

මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවද ඔහු පැවසීය.

මේ ආකාරයෙන් පියවි ඇසට පෙනෙන චන්ද්‍රග‍්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මින් පසු උදාවන්නේ 2021 මැයි 26 වනදා බවද මහාචාර්යවරයා සඳහන් කර සිටියා.


People of Sri Lanka will have the opportunity to witness a partial lunar eclipse at midnight today(July 16).

Professor Chandana Jayaratne, (Director of the Astronomy and Space Science Unit of the University of Colombo) stated that the eclipse will be visible to Sri Lanka as well as to Australia, Africa, South America, Europe and Asia.

It will be the last lunar eclipse this year the people of Sri Lanka will experience and the next lunar eclipse of this nature will only be visible on the 26th of May, 2021.


READ MORE:  Scientists have discovered how plants create networks of air channels