පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ

Local

යාපනය, අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් නාවික හමුදාව සොයා ගෙන තිබේ.

උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ අදාළ පාර්සලය සොයා ගැනීමට සමත් විය.

කිලෝග්‍රෑම් 15ක බරකින් යුක්ත එම පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.


READ MORE:  පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති