රාජ්‍ය සේවකයන්ට කැප පෞද්ගලික අංශයේ සේවකයන්ට අකැප විශේෂ වරප්‍රසාද?

Local

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් ආසන්න වශයෙන් ලක්ෂ 15ක් පමණ වන අතර, ඒ හා සසඳා බැලෙමේ දී පෞද්ගලික අංශය යේසේවයේ නියුතු පිරිස ආසන්න වශයෙන් ලක්ෂ 45ක්, එනම් රාජ්‍ය සේවයේ යෙදෙන පිරිස මෙන් තුන් ගුණයක් පමණ වන බව දත්තයන් අනුව පෙනී යයි.

දත්තයන් එසේ විද මෙතෙක් කල් සෑම ආණ්ඩුවක්ම පාහේ තමන්ගේ අයවැය මූල්‍ය ප්‍රතිපත්ති සැකසීමේ දී රජ්‍ය අංශ සේවකයන්ට විශේෂ ප්‍රමුඛතාවයන් ලබදෙන බව පෙනෙන්නට තිබේ.

පෞද්ගලික අංශ සේවකයන්ට අහිමි විශේෂ වරප්‍රසාද

උදාහරණයක් ලෙස ගත රාජ්‍යය සේවකයන් සඳහා නිවාස ණය පොළී අනුපාතිකය 2%ත් – 6%ත් වන අතර, එය පෞද්ගලික අංශ සඳහා 13%ත් – 16%ත් අතර ඉහළ පොළී අනුපාතයක් ගනී.
මේ හේතුව නිසාම සමාන ආදායම් ලබන රාජ්‍යසේවකයකු  සහ පෞද්ගලික අංශ සේවකයකු සැසඳීමේදී මෙම ඉහළ පොලී අනුපාතය නිසා, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයකුට ලබා ගත හැකි ණය ප්‍රමාණය සීමා සහිතය. මන්ද ඔවුන් ඉහළ පොළී අනුපාතිකයකට යටත්ව ණය අයදුම් කළ යුතුය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරීන් වැනි රාජ්‍ය සේවයේ රැකියාවල නියුතු පුද්ගලයන් හට අඩු මුදලට බදු රතිත වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද ලැබෙන අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට එවන් වරප්‍රසාද නොලැබේ.

බැංකු පොළී අනුපාතික පහළට

පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමූ අතර, පෞද්ගලික සේවකයන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබයි. ඔවුන් සිය ETF මුදල් බැංකුවක ස්තීර තැන්පතු ලෙස තැන්පත් කර එයින් ලැබෙන පොළියෙන් සිය සැඳෑ සමය ගතකරණු ලබයි.

පසුගිය අයවැයට අනුව ETF, අර්තසාදක තැන්පතු සඳහා වන බැංකු පොලී අනුපාතිකය 11.5% සිට 8.33%කට ආසන්න ප්‍රති ශතයකට පහළ දමන ලදී. උදාහරණයක් ලෙස ලක්ෂ 10ක ස්ථීර තැන්පතුවක් සඳහා ලැබෙන මාසික මුදල රු 7938 ක් පමණ වන අතර ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව මෙම මුදල ඉතා සුළු ප්‍රමාණයකි.

READ MORE:  පාස්කු ප්‍රහාරය පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි-ජනපති

කරුණු එසේ වීද ලක්ෂ 15ක් පමණ වන රාජ්‍යසේවකයන් බහුතරයක් සේවා සපයන්නන් වන අතර, පෞද්ගලික අංශයේ ලක්ෂ 45ක් පමණ සේවය සපයන්නන් විදේශ විනිමය ඉපයීම මගින් නිෂ්පාදනයට සෘජු දායකත්වයක් සපයි.

ඉහත කරුණු සලකා බැලීමේදී පෙනීයන්නේ පැවති සෑම ආණ්ඩුවක්ම රජයේ සේවකයන් පිළිබඳ අවධානය යොමු කරන මුත්, පෞද්ගලික අංශයේ ලක්ෂ 45ක් පමණ වන ශ්‍රම සම්පත ගැන සිය අවධානය යොමු නොකරන බවය.

රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයට හිමි මෙම වරප්‍රසාද පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයන්ට අකැපද?

රජයක් ලෙස ආර්ථීක ප්‍රතිපත්ති සැකසීමේදී ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට වගකිව යුතු පුද්ගලයනිගේ අවදානය යොමු විය යුතුය.

මුදල් අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.