ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් ‌‌ව‌ෙයි?

Local

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ.

ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව ය.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් දැයි මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිය ස්ථාවරය ජනාධිපති ‌ම‌ෛත්‍රීපාල සිරිසේන මහතා ‌‌ බව ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මන්ත්‍රී කණ්ඩායමෙන් ද අප විමසීමක් කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ප‍්‍රකාශ කළේ, නිදහස් පක්ෂය කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ය.

එළැඹෙන ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ‌‌ල‌ෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බව ඔහු සඳහන් කළේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය තීරණය ප‍්‍රකාශයට පත් කළේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට අදාළ සාකච්ඡා ක‍්‍රියාත්මක වෙමින් තිබියදී වීමද විශේෂත්වයකිි.

කෙසේ වෙතත් දෙපාර්ශවයේම නියෝජිතයින් ඉකුත් දිනවල ප‍්‍රකාශ කළේ එළැඹෙන ජනාධිපතිවරණයේදී තුන්කොන් සටනකට යාමට කටයුතු නොකරන බව ය.


READ MORE:  කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්