නැදුන්ගමුවේ රාජා හදිසියේම රෝගී වෙයි

Religious

Nadungamuwa Raja is an Indian tusker born c. 1953 in Mysore and he is the current main casket bearer of the procession of Esala held in Kandy Sri Lanka.Nadungamuwe Raja is considered as the tallest tusker in Asia.
Nadungamuwa Raja is an Indian tusker born c. 1953 in Mysore and he is the current main casket bearer of the procession of Esala held in Kandy Sri Lanka.Nadungamuwe Raja is considered as the tallest tusker in Asia.

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි.

එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නාවූ නඳුන්ගමුවේ රාජා හස්තියා හදිසියේම රෝගී වී ඇතැයි වාර්තා වනවා. එම නිසා මෙවර දළඳා මාලිගාවේ වාර්ශික ඇසළ පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩමවීම සදහාද රාජා හස්තියා සහභාගී නොවන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙවර දළඳා කරඬුව වැඩම කරවීම සඳහා කතරගම වාසනා ඇතා සහ දළඳා මාලිගාවේ ඉන්දිරාජා ඇතා යොදා ගැනීමට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

වාසනා ඇතා සහ ඉන්දිරාජා ඇතා පෙර වසරවල නැදුන්ගමුවේ රාජා හස්තියාගේ පරිවාර ඇතුන් (දෑල ) ලෙස යොදා ගැණුනා. මෙවර දෑල ඇතුන් ලෙස දළඳා මාලිගාවේ සිංහරාජා හස්තියා සහ මියන්මාරයෙන් ගෙන ආ ඇතෙකු යොදා ගැනීමට නියමිතයි.

බුදුන් උපන් දේශයේ උපත ලද රාජා වසර 60 කට පමණ ඉහතදී මෙරටට නැව් මගින් පැමිණ ඇත්තේ වසර පහක් තරම්වූ කුඩා ඇත් පැටවකු ලෙසිනි. නැඳුන්ගමුවේ රාජා සමඟ ඉන්දියාවේ සිට පැමිණ එකම දින ලක්දිවට ගොඩබට නවම්රාජා දැන් මෙළොව හැරගොසිනි. ලොවපුරා වෙසෙන බෞද්ධයින් ජීවමාන බුදුන් ලෙස සලකා වැඳුම් පිදුම් කරන වාම ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩමවීමට බුදුන් උපන් දේශයේ සිට පැමිණි රාජාට අවස්ථාව හිමිවීම බෞද්ධයින් විශ්වාස කරන්නාවූ පව්පින් දෙක මතම තීරණය වූවක් වැන්න.


READ MORE:  නවසීලන්තයේ වඩාත් විශ්වාසදායකම ආගම බුද්ධාගම බව සමීක්ෂණයකින් හෙළි වේ