ජැක්ලින් ෆර්නැන්ඩස් ගෙන් YouTube චැනලයක්…

Entertainment

Jacqueline Fernandez is a Sri Lankan actress, former model, and the winner of the Miss Universe Sri Lanka pageant of 2006.
Jacqueline Fernandez is a Sri Lankan actress, former model, and the winner of the Miss Universe Sri Lanka pageant of 2006.

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි, ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් තරුවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කරමින් සිය Youtube නාලිකාව ආරම්භ කළාය.

ජැක්ලින් විසින් සිය නාලිකාවට එක්කළ පළමු වීඩියෝවේ ඇගේ ළමා කාලය, ඇගේ දෙමාපියන්, නිරූපිකාවක් වශයෙන් වේදිකාවට එක් වූ පළමු අවස්ථාව හා මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පළඳින මොහොත ඇතුළු ඇගේ ජීවිතේ විශේෂ අවස්ථා ඇතුළත්.

වසර 2009 දී සුජෝයි ගොෂ්ගේ “ඇලඩින්” චිත්‍රපටයෙන් බොලිවුඩ් පුරවරයට පිවිසි ජැක්ලින්, අමිතාබ් බච්චන් සහ රිතේෂ් දේශ්මුඛ් සමඟ එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන්නාය.

මෙම චිත්‍රපටය වාණිජ වශයෙන් අසාර්ථක වූ නමුත්, ඇය පසුකාලීනව “හවුස්ෆුල් 2”, “මර්ඩර් 2”, “කික්”, “බ්‍රදර්ස්”, “ඩිෂූම්” සහ “ජුඩ්වා” වැනි බොලිවුඩ් චිත්‍රපටවලට එක් වූවාය.

ජැක්ලින් මෑතකාලයේදී ශ්‍රී ලංකාව තුළ ඇය වැඩි අවධානයක් දිනාගත්තේ චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අකෝඩින් ටු මැතිවු’ චිත්‍රපටයෙනි. 70 වැනි දශකයේදී කොළඹ නගරයම හෙල්ලූ කුප්‍රකට මැතිවු පීරිස් ද්විත්ව ඝාතන සිද්ධිය ඔස්සේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළේ මැතිවු පීරිස් පියතුමා ගේ පෙම්වතිය බවට පත්වන ඩැල්රීන් ඉන්ග්‍රම් ගේ චරිතයයි.

Jacqueline Fernandez
Jacqueline Fernandez
Jacqueline Fernandez
Jacqueline Fernandez

READ MORE:  ‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. .ඉරාජ්ට ෆේස්බුක් එකත් - විමල් වීරවංශ