‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. .ඉරාජ්ට ෆේස්බුක් එකත් – විමල් වීරවංශ

Entertainment

Wimal Weerawansa and Iraj Weeraratna
Wimal Weerawansa and Iraj Weeraratna

කූරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

මුලින් අනුමැතිය ලබා දී නැවත වරක් ලබදුන් අනුමැතිය නවතා දැමූ හේතුව පිළිබඳ ඔහු විමසා සිටියේය.

එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලි ගත්තේය.

අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් නෑ ’ යනුවෙනි.


READ MORE:  කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල් වීරවංශ