රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනපති පවසයි

Business

ලංකා බැංකුවේ 80වන සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විය.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව අවධාරණය අවධාරණය කර සිටියේය.

සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද එළිදැක් විය.

තමාට ගෙයක් නොමැතිව, කුලී ගෙවල්වල සිටින කාලයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටිය දී තමාට ලබා දුන් ණය මුදල මඟින් තමාට කියා නිවසක් සාදා ගත් බව ද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

ලංකා බැංකුව එක් පැත්තකින් ආණ්ඩුව ජීවත් කරවන අතර, අනෙක් අතින් රාජ්‍ය සංස්ථා ජීවත් කරවන බව ද සඳහන් කළේය.

ලංකා බැංකුව මෙන්ම රාජ්‍ය බැංකු රැක ගැනීම පිළිබඳව පෞද්ගලීකරණය නොවිය යුතුයි යන්න ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.


READ MORE:  People’s Bank will not be privatized says Finance Minister Mangala