Face App ගැන අමෙරිකාවෙන් විමර්ශනයක් ඉල්ලයි

Tech

Face App
Face App

මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්ව ඇති ෆේස්ඇප් (Face App) මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මෘදුකාංගය රුසියාවේ නිෂ්පාදිතයි. ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක යන කරුණු සලකා බලමින් අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කළ යුතු යැයි ඔහු ඉල්ලා සිටිනවා.

පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයේ කාර්යයක්. ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතර එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි සහිත වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුකරයි.

මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මතුවන බව FBI වෙත ලිපියක් යොමුකරමින් සෙනට් සභික චක් ෂූමර් සඳහන් කර තිබෙනවා.

අමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට අමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා. මීට වසර 02කට පෙර ෆේස්ඇප් මෘදුකාංගය භාවිතයට පැමිණි අතර මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගයයි. මේ වනවිට එහි පරිශීලිකයන් මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

ගැටලුව කුමක් ද?

මෙම යෙදවුම සම්බන්ධයෙන් විමතිය පළ වූයේ, එමගින් ස්මාර්ට් ජංගම දුරකතනවල ඇති ඡායාරූප ඒවයෙහි හිමිකරුවන්ගේ අවසරයකින් තොරව ෆේස්ඇප් දත්ත ගබඩා වෙත අප්ලෝඩ් වන බවට යෙදවුම් නිර්මාපකයෙකු වන ජෝෂුවා නොසී පළ කළ ට්විටර් පණිවුඩයකින් පසුවය.

කෙසේ වෙතත්, එලියට් ඇල්ඩර්සන් යන ව්‍යාජ නමින් පෙනී සිටින ප්‍රංශ ජාතික සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු නොසීගේ චෝදනා විමර්ශනය කළේය.

READ MORE:  What Facebook's new currency Libra will look like and how it will work

ඔහු සොයා ගත් කරුණුවලින් පෙනී ගියේ ෆේස්ඇප් හරහා අවසරයකින් තොරව ඡායාරූප දත්ත ගබඩා වීමක් සිදු නොවන බවය. එමගින් යෙදවුම භාවිත කරන්නා තෝරා දෙනු ලබන ඡායාරූපය පමණක් දත්ත ගබඩා වෙත යන බව අනාවරණය වී තිබිණි.

යෙදවුම භාවිත කරන්නා ඉදිරිපත් කරන ඡායාරූපය පමණක් දත්ත ගබඩා වෙත ඇතුළත් වන බව ෆේස්ඇප් සමාගම ද බීබීසී පුවත් සේවයට පැවසීය.

තවත් පිරිසක් ඉදිරිපත් කළ තර්කයක් වූයේ, මුහුණු හඳුනාගැනීම් සමීකරණවල (facial recognition algorithms) සහය සඳහා ෆේස්ඇප් යෙදවුම භාවිත කරන්නන්ගේ ඡායාරූප දත්ත ලෙස භාවිත කරන බවය.

අදාළ ඡායාරූප මකා දැමීමෙන් පසුව වුව ද මුහුණු හඳුනාගැනීම සඳහා එම දත්ත භාවිතයට ගත හැකිය.

තව දුරටත්?

“මුහුණු හඳුනාගැනීම් සඳහා අපි ඡායාරූප භාවිත කරන්නේ නෑ,” ෆේස්ඇප්හි ප්‍රධාන විධායක නිලධාරී යරොස්ලාෆ් ගොන්චරොෆ් බීබීසී පුවත් සේවයට පැවසීය.

එපමණක් නොවේ. ඇතැමුන් ප්‍රශ්න කරන්නේ, ඡායාරූප දත්ත ගබඩා වෙත ඇතුළත් නොකර යෙදවුම ක්‍රියාත්මක කළ හැකිව තිබියදී ෆේස්ඇප් ඡායාරූප අප්ලෝඩ් කරනුයේ මන් ද? යනුවෙනි.

ෆේස්ඇප් භාවිත කරන්නන්ගේ ඡායාරූප ගබඩා වනුයේ ඇමෙරිකාවේ පිහිටි දත්ත ගබඩා තුළය. කෙසේ වෙතත් ෆේස්ඇප් යනු රුසියානු සමාගමකි.

ඇමෙරිකාවේ නීතිඥවරියක වන එලිසබෙත් වෙයින්ස්ටෙයින් පැවසුවේ, ෆේස්ඇප්හි නියමයන් සහ කොන්දේසි අනුව යෙදවුම භාවිත කරන්නන්ගේ ඡායාරූප වාණිජමය කටයුතුවලට භාවිත කළ හැකි බවය.

එහෙත්, ලයිෆ්වයර් නමැති තාක්ෂණික වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලාන්ස් උලනොෆ් පෙන්වා දෙන්නේ, ට්විටර් වෙබ් අඩවියේ පවා නියමයන් සහ කොන්දේසි ෆේස්ඇප් යෙදවුමේ කොන්දේසිවලට සමාන බවය.


FaceApp: Chuck Schumer asks for FBI investigation

Senate minority leader Chuck Schumer has called for an investigation into FaceApp, which alters users’ photos to make them look older or younger.

Chuck Schumer
Chuck Schumer

In a letter posted on Twitter, Mr Schumer called it “deeply troubling” that personal data of US citizens could go to a “hostile foreign power”.

READ MORE:  The name of Jony Ive's design firm LoveFrom was inspired by Steve Jobs

Privacy concerns have been raised about the Russian company which developed the app after it went viral in recent days.

FaceApp has previously denied the allegations.

Wireless Lab, a company based in St. Petersburg, says it does not permanently store images, and does not collect troves of data – only uploading specific photos selected by users for editing.

“Even though the core R&D team is located in Russia, the user data is not transferred to Russia,” a company statement reported by news site TechCrunch said.

Mr Schumer however has asked that the FBI and the Federal Trade Commission (FTC) investigate FaceApp.

“I have serious concerns regarding both the protection of the data that is being aggregated as well as whether users are aware of who may have access to it,” his letter reads.

His calls for a probe comes after the Democratic National Committee reportedly warned 2020 presidential candidates and their campaigners not to use the app.

“It’s not clear at this point what the privacy risks are, but what is clear is that the benefits of avoiding the app outweigh the risks,” security officer Bob Lord reportedly told staff.

The company says it has about 80 million active users.

READ MORE:  Facebook සමාගමට කෝටි 90,000 ක දඩයක්..!

In 2017 FaceApp sparked widespread criticism for a feature allowing users to alter someone’s ethnicity in selfies. The company later apologised and withdrew the filter.

Source: BBC