පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි – සරත් ෆොන්සේකා

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, අද කැලණියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
ප්‍රහාර හා සම්බන්ධ සිදුවීම් අවසන් වී එම ගැටලුව මේ වන විට නිරාකරණය වී තිබෙනවා යැයි යම් පාලකයෙක් සිතනවා නම් අදාළ පුද්ගලයා නොම්මර එකේ මෝඩයෙක් යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී අවධාරණය කළේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද කැඳවය බව ෆොන්සේකා මහතා මෙහිදී සඳහන් කළේ ය.
ෆොන්සේකා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැඳවීමට කාරක සභාවට බලයක් ඇති බවත් යම් අයෙක් නොපැමිණෙන්නේ නම් එය නීති විරෝධී බවත් ය.
Related Articles
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය කණස්සල්ලෙන්
ශ්‍රී ලංකාවේ හමුදාපති පත්කිරීම ගැන රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී රටේ ජනතාව සියයට 90ක් තමා සමඟ සිටින බව ජනපති පවසයි
සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් - ගෝටා කියයි
